අපේ ආතා හොඳ සර්ප විෂ වෛද්‍යවරයෙක්.යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය එහෙමත් හොඳට දන්නවා.දැනට ජීවතුන් අතර නෑ. මැරෙන්න කලින් මම ලියා ගත්ත මන්ත්‍ර අතරින් කාටත් ප්‍රයෝජනවත් විය හැකි කීපයක් ඕගොල්ලන්ට කියා දෙන්න හිතුනා. මේවයින් කීපයක සත්‍යතාවය මම බලල තියෙනවා. මස් මාංශ අනුභවයෙන් තොරව නාල පිරිසිදු වෙලා පන්සිල් අරගෙන ගෞරවයෙන් මේ කටයුතු කළ යුතුයි. 21 වරක් ගැනීමට කෝපි ඇට 21ක් ගෙන එක් වරක් මැතිරූ පසු එක් ඇටයක් පසෙකට කරන්න.(ගණන් කිරිමේ පහසුව පිණිස ). ඉරටුවක් දෙකට නමා දෙහි හෝ තැඹිලි ගෙඩිය කලතන්නේ නම් මැනවි. ~සියලු බඩේ අමාරු/ අජීර්ණ වලට~ දෙහි ඇඹුල් පීරිසියකට ගෙන මෙයින් 21 වරක් මතුරා බොන්න දෙන්න. ------------------------------------------------------------ "ඕං නමෝ අප සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේට රක්ත අතීසාර රෝගයක් අල්ලච්චෙයි කියා ජීවක නම් වෙදා ගෙන්වූ තැනේදී ඔහු සතු බෙහෙත් නේරංජරා නම් ගංගාවට දැමූ කල්හි එඟග උඩුගං හැරුණු ආනුභාවයෙන් ආඥාවෙන් අදත් මෙකුන්ගේ බඩේ හට ගන්නා බඩේ රුදා,ගුල්ම රුදා,අමියා,අජීර්ණ,ඔක්කාර,වමන,අතීසාර සැණෙන් ගුණ වන්න සිද්ධ පත්තිනි අණින්,වෙසමුණි අණින් වරම්! එදා අප අමාමෑණියන් ...
Comments